පුවත්

2026-01-01

2026 රාජකාරි ඇරඹුම

2026 නව වසරේ රාජකාරි ඇරඹෙන පළමු දිනය වන ජනවාරි 01 වන දින වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය පවත්වන ලදී.

2025-11-11

හොදම වාර්ෂික වාර්තාව - 2024

2024 වසරේ හොදම වාර්ෂික වාර්තාව තේරීමේ සම්මාන උළෙල සදහා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව සුදුසුකම් ලබා ඇත.

2025-11-07

පළාත් පාලන ආයතන කාර්‍යසාධන තරගාවලිය 2025

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂි කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල විනිශ්චය මණ්ඩලයක් 2025.11.06 වන දින වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව වෙත පැමිණ කාර්යය සාධනය ඇගයීමේ ජාතික මට්ටමේ විනිශ්චය සදහා සහභාගී විය. අඩු ආදායම්ලාභී පළාත් පාලන ආයතනයක් ලෙස දකුණු පළාතේ පළමු ප්‍රාදේශීය සභා 05 අතරට පැමිණීම සම්බන්ධයෙන් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව ඇගයීමට ලක් කරන ලදී.

2023-01-04

දැනුම්දීමයි

2025-10-31

පළාත් පාලන ආයතන කාර්යසාධන තරගාවලිය - 2025

දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49කි. ඉන් 03ක් මහ නගර සභා වන අතර 04ක් නගර සභා වේ. ඉතිරිය ප්‍රාදේශීය සභා වේ. දකුණු පළාතේ ප්‍රාදේශීය සභා 42න් විශිෂ්ටතම කාර්‍ය සාධනය හිමි පළමු ස්ථාන 05 අතරට පැමිණීමට වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව සමත් වී ඇත.

2025-09-10

පුනරුදයේ පුරවර - පළාත් පාලන සතිය 2025

පුනරුදයේ පුරවර - පළාත් පාලන සතිය 2025 වෙනුවෙන් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව මඟින් සංවිධානය කරනු ලබන විශේෂ ජංගම සේවා වැඩසටහන 2025ක් වූ සැප්තැම්බර් මස 15 වන සඳුදා පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ඇත්කුඳුර පුරනැගුම බහුකාර්ය මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

2025-01-01

2025 නව වසරේ රාජකාරි ඇරඹුම

2025 නව වසරේ රාජකාරි ඇරඹෙන පළමු දිනය වන ජනවාරි 01 වන දින ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන Clean Sri Lanka වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවයට සමගාමීව වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය පවත්වන ලදී. වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සියළුම නිලධාරී මහත්ම මහත්මීන් හා සේවක මහත්ම මහත්මීන් විසින් Clean Sri Lanka ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන Clean Sri Lanka වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සජීවීව නරඹන ලදී.

2024-12-22

ඊ - සභා ජංගම යෙදවුම

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ඔබට, ඔබගේ ඕනෑම ගැටලුවක්/ පැමිණිල්ලක් ඊ - සභා ජංගම දුරකථන යෙදවුම හරහා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව වෙත යොමු කළ හැකි ය. පහත සදහන් ලින්ක් හරහා ඔබත් අදම ඊ - සභා ඇප් එක install කර ලියාපදිංචි වන්න. Play Store - https://play.google.com/store/apps/details Huawei Gallery - https://appgallery.huawei.com/app/C110958187 Apple Store - https://apps.apple.com/lk/app/esabha/id6450994079

2024-12-18

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල - 2024

2024 ජාතික කියවීමේ මාසයට සමගාමීව දරුවන් ලෝකයක් වටී යන තේමාව පෙරදැරිව වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ සාහිත්‍ය තරගාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය හා සාහිත්‍ය මහෝත්සවය 2024ක් වූ දෙසැම්බර් මස 18 වන දින ඇත්කදුර පුරනැගුම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදක/ ප්‍රවීණ ගීතරචක වැයිහේන කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති බන්දුසිරි රූපසිංහ ජයලත් මහතා විසින් ආරාධිත සාහිත්‍යය දේශනය සිදු කරන ලදී. මෙම අවස්ථාවට මද්දෙවිල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා, අගලිය මහා විද්‍යලයේ විදුහල්පතිතුමිය, අක්මීමන ප්‍රාදේශීය සභාවේ පින්නදූව මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිතුමිය, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමිය හා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහහාගී විය.

2024-12-02

රාජ්‍ය අංශයේ හොඳම වාර් ෂික වාර් තා හා ගිණුම් සඳහා වන සම්මාන උළෙල -2024

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය (ICASL) හා ශ්‍රි ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීන්ගේ සංගමය (APFASL) මගින් සංවිධානය කරනු ලැබූ 2023 වසරට අදාළ සමස්ත රාජ්‍ය සේවයේ විශිෂ්ටතම මූල්‍ය හා කාර්ය සාධන වාර්තා තේරීමේ තරගාවලියේ (Best Annual Reports and Accounts) සම්මාන උළෙල 2024.12.02 වන දින BMICHහි දී පැවැත්විණි. එහිදී වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව Certificate of Compliance යන සම්මානයට පාත්‍ර විය.

දුක්ගැනවිලි කළමනාකරණය

ඔබට අවශ්‍ය නම්, ඔබේ දුක්ගැනවිල්ලට හඬ පටිගත කිරීමක් අමුණන්න.